Search

පාප් වහන්සේට නිව්මෝනියාව

ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේ නිව්මෝනියා රෝගයෙන් පෙළෙන බවට වතිකානුව නිවේදනය කර තිබෙනවා.

පසුගිය සතියේ රෝහල්ගත කළ එතුමා පෙනහළු දෙකෙහිම නිව්මෝනියාව වර්ධනය වී ඇති බවයි වතිකානුව ඊයේ කියාසිටියේ.

පසුගිය සතියේ වතිකානුවේ කලාකරුවන් සමඟ සංචාරයක් ඇතුළු වැඩසහන් කිහිපයකට සහභාගි නොවූ පාප් වහන්සේ පෙබරවාරි 14 වන සිකුරාදා රෝහල් ගත කර තිබුණා.

ඉරිදා දේව මෙහෙය ඔහු වෙනුවෙන් පවත්වනු ලැබුවේ ද  වතිකානු පූජකවරයෙකු බවයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සඳහන් කළේ.

ෆ්රැන්සිස් පාප් වහන්සේ දිගු කලක් තිස්සේ පෙනහළු ගැටළු හේතුවෙන් උණ සහ බ්‍රොන්කයිටිස් රෝගයට ගොදුරුව සිටිනවා.

වයස අවුරුදු 21 දී බරපතල ශ්වසන රෝගයක් හේතුවෙන් දකුණු පෙනහළුවෙන් කොටසක් ඉවත් කිරීමට සිදුව ඇති බවයි මාධ්‍ය වාර්තා පළකරන්නේ.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »