Search

Cash Rate අඩු කිරීම ගැන විපක්ෂයෙන් රජයට චෝදනා

පොලී අනුපාත කප්පාදුව දේශපාලන තීරණයක් බව විපක්ෂය චෝදනා කරනවා.

මැයි මාසයේ පැවැත්වීමට නියමිත ෆෙඩරල් මැතිවරණයෙන් වාසි ලබා ගැනීම වෙනුවෙන් මෙය සිදුකර ඇති බවයි ඔවුන් චෝදනා කරන්නේ.

ඇල්බනීස් රජය ජීවන වියදම් ගැටළු ලිහිල් කිරීම සඳහා යමක් කරන බව පෙන්වමින් අනුපාත කප්පාදුවක් සිදුකර ඇති බවද විපක්ෂය චෝදනා කරනවා.

කෙසේවෙතත් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් කියාසිටියේ  Cash Rate අඩු කිරීම මැතිවරණය පවත්වන කාලය අනුව බලනොපානු ඇති බවයි.
අය වැය මත මෙම ක්‍රියාවලිය සිදුකළ බවත් ඔස්ට්‍රේලියානුවන් සඳහා දිය හැකි සියලු සහන ලබාදීමට නොපැකිළෙන බවත් අග්‍රාමාත්‍යවරයා මාධ්‍යයක් අමතමින්  වැඩිදුරටත් කියාසිටියා.

කෙසේ වෙතත් දේශපාලන විශ්ලේෂකයින් පෙන්වාදෙන්නේ වසර අවසානයේ ඇතිවිය හැකි ආර්ථික කැළඹීම හේතුවෙන් හැකි ඉක්මනින් මැතිවරණය පැවැත්වීමේ තීරණයට රජය එළඹිය යුතු බවයි.