Search

ඔස්ට්‍රේලියා අග්‍රමාත්‍යවරයාගේ විවාහය ගැන ඉඟියක්

ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සහ ඔහුගේ පෙම්වතිය වන ජෝඩි හේඩන් සිය විවාහ සැලසුම් පිළිබඳ හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.

ඔස්ට්‍රේලියන් වුමන් වීක්ලි නම් වැඩසටහනකදීයි ඔවුන් මේ බව පවසා ඇත්තේ.

ෆෙඩරල් මැතිවරණයෙන් පසු එන වසන්තයේදී සිය විවාහ උත්සවය සැලසුම් කර ඇති බවට ඔවුන් එහිදී සඳහන් කර තිබුනා.

මේ වසරේ දෙවන භාගයේදී තම පවුල්වල අය මෙන්ම ආදරණීයන් ඉදිරිපිට විවාහය සිදුකිරීමට නියමිත බවයි හේඩ්න් පැවසුවේ.

එමෙන්ම ඇල්බනීස්ගේ පූර්ව දික්කසාය හේතුවෙන් උත්සවය කතෝලික පල්ලියක නොව එළිමහනේ පැවැත්වෙනු ඇති බවද ඇය සඳහන් කළා.

සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ සිය පෙම්වතිය නොමැතිව ජීවිතයක් ගැන සිතිය නොහැකි බවයි.

එමෙන්ම ජෝඩි සහ ඇල්බනීස්ගේ පුත් නේතන් අතර හොඳ සබඳතාවක් පවතින බවත් අග්‍රාමාත්‍යවරයා කියාසිටියා.