
වසර 5 කට ආසන්න කාලයකින් පසු සිදු වූ පොලී අනුපාත කප්පාදුවෙන් නිවාස ණය හිමියන් මිලියන ගණනකට සහනයක් වූ බව විශ්ලේෂකයන් පවසනවා.
සංචිත බැංකුව ඊයේ පොලී අනුපාතය සියයට 4.10 ක් දක්වා අඩු කිරීමෙන් පසු ඔස්ට්‍රේලියා ප්‍රධාන බැංකු බොහොමයක් සියයට 0.25 ක පොලී අනුපාත කප්පාදුවක් සිදු කරන බවට දැනුම්දුන්නා.
එමගින් නිවාස ණය ඩොලර් 103 කින් පමණ අඩු කළ හැකි බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වාදෙන්නේ.

කෙසේවෙතත් ෆයින්ඩර් විසින් සිදුකළ පර්යේෂණයට අනුව ඩොලර් 641,416 ක සාමාන්‍ය නිවාස ණයක් සහිත පුද්ගලයෙකුට සෑම මසකම ඩොලර් 3,784 ක් ඒ වෙනුවෙන් ගෙවිය යුතු බව සඳහන් කළා.
එනම් ඩොලර් මිලියන 1 ක ණය ප්‍රමාණයක් ඇති අයෙකුට සෑම මසකම ඔහුගෙන් ඩොලර් 154 ක් ඒ සඳහා වැය වනු ඇති.

නිවාස ණය හිමියන් මිලියන 1.2 ක් මූල්‍ය අර්බුදයක සිටි බවද ෆයින්ඩර් වාර්තාවේ සඳහන්.
කෙසේවෙතත් Cash Rate අගය පහළ දැමීමෙන් උද්ධමනය ද ඉදිරියේදී අඩුවන ඇති බවයි ඔස්ට්‍රේලියා රජය විශ්වාස කරන්නේ.