Search

ඔස්ට්‍රේලියාවේ පාසල් සිසුන්ගේ හැසිරීම් හදන්න වැඩසටහන්

ඔස්ට්‍රේලියාවේ උසස් පාසල්වල සිසුන්ගේ හැසිරීම් ප්‍රධාන අභියෝගයක් වී ඇතැයි ගුරුවරු පවසනවා.

 මෙහි මූලික වැඩපිළිවෙලක් ලෙස මෙල්බන් හි රෝස්බඩ් ද්විතීක පාසල සඳහා පසුගියදා පුළුල් වැඩසටහනක් පවත්වා තිබුණා.

 එහිදී පන්ති කාමරය තුළ එකිනෙකා අතර ගෞරවය මෙන්ම සන්සුන්ව හැසිරෙන ආකාරය පිළිබඳ දරුවන් දැනුවත් කර තිබෙනවා.

 පන්ති කාමරයේ දී විවිධ ශබ්ද නගමින් විවිධ බාධාවන් සිදුකරන දරුවන් යහමගට ගැනීම මෙහි අරමුණ වනු ඇති.

 රෝස්බඩ් ද්විතීක පාසලේ විදුහල්පතිනි ලීසා හෝල්ට් පැවසුවේ පසුගිය වසරේ දරුවන්ගේ හැසිරීම සම්බන්ධයෙන් වැඩසටහනක් දියත් කළ බවයි.

 දරුවන්ට අත්‍යවශ්‍ය චර්යා පිළිබඳ විෂය මාලාවක් මෙන්ම අයහපත් හැසිරීම්වලට ප්‍රතිචාරයක් වශයෙන් එය ක්‍රියාත්මක වූ බව ඇය කියාසිටියා.

මෙහිදී දරුවන්ට අවශ්‍ය චර්යාවන් 5 ක් සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙනවා.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »