
මෙරට සංක්‍රමණ පද්ධතිය ආශ්‍රිත ගැටළු පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා.
කෙසේ වෙතත් (Redbridge) රෙඩ්බ්‍රිජ් සමූහයේ අධ්‍යක්ෂක සයිමන් වෙල්ෂ් (Simon Welsh) ප්‍රකාශ කර ඇත්තේ සංක්‍රමණ ක්‍රියාවලිය පිළිබඳව ඔස්ට්‍රේලියානුවන්ගෙන් සැලකිය යුතු පිරිසක් අවධානය යොමු නොකරන බවයි.
මේ හේතුවෙන් ඉදිරි ඔස්ට්‍රේලියා ෆෙඩරල් මැතිවරණය සදහා සංක්‍රමණ පිළිබඳ ගැටළු වැදගත් සාධකයක් නොවනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.

නමුත් ඡන්දදායකයන් අතුරින් සුළු පිරිසක් පමණක් සංක්‍රමණ හේතුවෙන් සිදුවන ගැටළු පිළිබඳව උනන්දුවෙන් කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දී සංක්‍රමණ පිළිබඳ සාධකය ඉතාමත් වැදගත් වූ බව ද සයිමන් වෙල්ෂ් අවධාරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් සංක්‍රමණ ඉහළ යෑම හේතුවෙන් උද්ගත වන නිවාස හිඟය වැනි ගැටළු ඔස්ට්‍රේලියානුවන්ට බලපෑම් රැසක් ඇති කරන බව ද වැඩිදුරටත් සදහන්.