
ඔස්ට්‍රේලියාව සෑම වසරකම ආහාර මෙට්ට්‍රික් ටොන් මිලියන 7.6 කට අධික ප්‍රමාණයක් විසි කරන බව වාර්තාවක දැක්වෙනවා.
එමගින් මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනය 10 ගුණයකින් පිරවිය හැකි බවයි එන්ඩ් ෆුඩ් වේස්ට් වාර්තාවේ දැක්වෙන්නේ.
ජීවන වියදම් අර්බුදය හමුවේ අපද්‍රව්‍ය ඉවත් කිරීම අවම කරන ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කෝල්ස් සහ වුල්වර්ත්ස් වැනි විශාල සුපිරි වෙළඳසැල්දාමයන්, ඔස්ට්‍රේලියානු ආහාර ගිවිසුමේ සියලු කොටස්කරුවන් වන නිෂ්පාදකයින් පසුගිය වසර 3 තුළ සමස්ත ආහාර නාස්තිය සියයට 13 කින් අඩුකර තිබුණා.
එමගින් ඇස්තමේන්තුගත කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ටොන් 505,000 ක් දක්වා වළක්වා ගෙන ඇති අතර 2022 වසරේ සිට 2024 දක්වා ආහාර ටොන් 16,000 ක් පමණ ඉතිරි කර ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

කාබන් විමෝචනය අඩු කිරීමෙන් ජලය සහ වගා කළ හැකි ඉඩම් ඉතිරිකර ගත හැකි අතර අතිරික්ත ආහාර අවශ්‍ය අයට සැපයීම, පරිත්‍යාග ලෙස ආහාර මිලියන 250 කට අධික සංඛ්‍යාවක් ලබාදීම ගිවිසුමට අනුව සිදු කෙරුණා.
පසුගිය වසර තුළ ඔස්ට්‍රේලියාවේ දිළිඳු පවුල් මිලියන 3.5 ක ප්‍රමාණයක් ගණනය කර ඇති බව එන්ඩ් ෆුඩ් වේස්ට් ආයතනය පවසනවා.