Search

Cash Rate කප්පාදුව ගැන විශේෂඥයින්ගේ මත

Cash Rate කප්පාදුව ආර්ථිකයට පිළියමක් නොවන බව විශේෂඥයින් අනතුරු අඟවනවා.

ආර්ථිකය යම් තරමක් යථාතත්වයට පත්වුවද උද්ධමනය තවමත් ඉලක්කයට පැමිණ නොමැති බවයි ආර්ථික විද්‍යාඥ වොරන් හෝගන් පවසන්නේ.

ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය පසුගිය වසරේ අග භාගයේ 1.1% දක්වා මන්දගාමී වී ඇති අතර ලබන ජූනි මාසය වනවිට එය 2.0% ක් වනු ඇති බව ඔවුන්ගේ මතයයි.

2025 මැද භාගයේදී විදුලි බිල සඳහා වන රාජ්‍ය සහන නැවත හැරවීමෙන් උද්ධමනය 3.7% දක්වා ඉහළ අගයක් ගනු ඇති බවයි විශේෂඥයින් විශ්වාස කරන්නේ.

ෆෙඩරල් සංචිත බැංකුව මෙම පොලී අනුපාත කප්පාදුව සඳහා සිදුකළ මිනුම් දණ්ඩක් ලෙස උද්ධමනය අඩුවෙන ආකාරය පිළිබඳ උපකල්පන 3 ක් සිදුකර තිබෙනවා.

ඒ අනුව පසුගිය කාර්තුවේ 3.2% ක් පැවති උද්ධමනය ජූනි කාර්තුව වනවිට 2.7% දක්වා මන්දගාමී වනු ඇතැයි ඔවුන්ගේ අපේක්ෂාවයි.

එය 2027 මැද භාගය වනවිට 2.5% ක අගයක් ගනු ඇතැයි ඔවුන් පුරෝකථනය කරනවා.

රැකියා වෙළඳපොළ තවත් උග්‍ර වනු ඇතැයි විනිශ්චය කරන විශේෂයින් පවසන්නේ දෙසැම්බරයේ 4.0% පැවති රැකියා වියුක්ති අනුපාතය ලබන ජූනි මාසය වනවිට 4.2% දක්වා ඉහළ යනු ඇති බවයි.