Search

මාරාන්තික වෛරසයක් ගැන ඔස්ට්‍රේලියාවෙන් අනතුරු ඇඟවීම්

මිනිසුන් අතර පැතිරී යාහැකි මාරාන්තික වෛරසයක් ක්වින්ස්ලන්ඩ් හි ඌරු ගොවිපළ වලින් හමුවී තිබෙනවා.

මදුරුවන්ගෙන් බෝවන ජපන් එන්සෙෆලයිටිස් නම් මෙම වෛරසය දකුණු ක්වින්ස්ලන්ඩ් හිදීයි සොයාගෙන ඇත්තේ.

2021 ජනවාරියේ සහ 2023 පෙබරවාරියේ ජපන් එන්සෙෆලයිටිස් සෑදීමෙන් ඔස්ට්‍රේලියානුවන් 7 දෙනෙකු මියගියා.

උණ, වමනය සහ හිසරදය මෙහි මුල් අවදියේ රෝග ලක්ෂණ වන අතර දරුණු අවස්ථාවේදී රෝගීන්ට අංශභාගය, ස්ථිර ආබාධ භාවය හෝ මරණය අත්විඳීමට සිදුවනු ඇති.

පසුගිය සතියේ NSW හි මුරුම්බිඩ්ගී අසල camping වල යෙදුණු පුද්ගලයෙකු මෙම වෛරසය හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

NSW හි සෞඛ්‍ය ආරක්ෂණ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය ජෙරමි මැක්ඇනල්ටි පැවසුවේ රට තුළ වෛරසය ව්‍යාප්තවීමේ හැකියාව පවතින බවයි.

ජපන් එන්සෙෆලයිටිස් වෛරසය මේ වනවිට ක්වින්ස්ලන්ඩ් මෙන්ම ‍වික්ටෝරියාවෙන් ද හමුවී ඇති බවයි වාර්තා වන්නේ.