
මෙල්බන් විශ්ව විද්‍යාලය ලොව කීර්තිමත් ම උසස් අධ්‍යාපන පහසුකම් ලැයිස්තුවේ ඉහළින්ම සිටිනවා.
The annual Times Higher Education හි ලෝක කීර්ති ශ්‍රේණිගත කිරීම්වලදී හෙළිවූයේ ගෝලීය විශ්ව විද්‍යාල 300 කින් මෙල්බන් විශ්ව විද්‍යාලය ලැයිස්තුවේ අංක 47 වන ස්ථානයේ රැඳීසිටින බවයි.
ඒ අනුව මෙල්බන් විශ්ව විද්‍යාලය ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල 10 න් ඉහළ ම ස්ථානයේ සිටින බවයි වාර්තා වනනේ.

සිඩ්නි විශ්ව විද්‍යාලය 60 වන ස්ථානයට ද මොනෑස් විශ්ව විද්‍යාලය ලැයිස්තුවේ 63 වන ස්ථානයට ද පත්ව සිටිනවා.
මෙල්බන් විශ්ව විද්‍යාලයේ උප කුලපති එමා ජොන්ස්ටන් පැවසුවේ මෙම නවතම ශ්‍රේණිගත කිරීමෙන් ඔස්ට්‍රේලියාවේ කීර්තිය තවදුරටත් ශක්තිමත් වන බවයි.

එමෙන්ම විදේශිකයන්ට ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනයේ ස්ථාවරත්වය ශක්තිමත් වන බව ද ඔහු කියාසිටියා.
14 වන ලෝක කීර්ති ශ්‍රේණිගත කිරීම සඳහා රටවල් 38 ක විශ්ව විද්‍යාල 300 ක් මෙහිදී ඇගයීමට ලක් කරන ලදී.