දින 50 කට පසු වික්ටෝරියා ප්‍රාන්තයෙන් දේශීයව සම්ප්‍රේෂණය වූ කොවිඩ් ආසාධිතයෙක්

MELBOURNE

දින 50 කට පසු වික්ටෝරියා ප්‍රාන්තයෙන් දේශීයව සම්ප්‍රේෂණය වූ කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී තිබේ.

බටහිර ඔස්ටේ්‍රලියාවේ සිට පැමිණි අයෙකු අද අලුයම 02 ට පමණ මෙලෙස හඳුනාගෙන ඇති බව සඳහන්.

ඔහු පර්ත් නගරයේ හෝටලයක සති 02 ක් නිරෝධායනයේද නිරතවී ඇති අතර ඔහුට යාබද කාමරයේ සිටි පුද්ගලයාට කොවිඩ් වෛරසය වැළඳී තිබී ඇතැයි වාර්තා වනවා.

මෙම පුද්ගලයා මෙල්බර්න් නැගෙනහිර ප්‍රදේශයේ සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා සමග වාසය කරන බවයි අනාවරණ වන්නේ.

පසුගිය බදාදා පර්ත් සිට මෙල්බර්න් පැමිණි QF778 ගුවන් යානයේ සිටි සියල්ලන් මේ පිළිබඳ දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කලා.

 

 

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »