Search

ගණුදෙනුකරුවන්ට ඔස්ට්‍රේලියා බැංකු දෙන්න යන සහන

Cash Rate අගය පහළ දැමීමත් සමග ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු, සිය ගණුදෙනු කරුවන්ට සහන ලබාදීමට සූදානම් වනවා.

සියයට 4.35 ට තිබූ Cash Rate අගය ඔස්ට්‍රේලියා සංචිත බැංකුව විසින් අද සියයට 4.10 දක්වා පහත හෙළනු ලැබුවා.

ඒ අනුව NAB, වෙස්ට්පැක්, ANZ සහ Commenwealth බැංකුව, සියලු දෙනා සිය පොලී අනුපාත යාවත්කාලීන කිරීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ANZ බැංකුව Cash Rate අගයේ අඩුවීම නිවේදනය කර පැය භාගයකට පසු සිය පොලී අනුපාත පිළිබඳ වෙනස්කම් සිදුකර තිබෙනවා.

වෙස්ට්පැක් විසින් මාර්තු 4 වන දින සිට නිවාස ණයෙ හි විචල්‍ය පොලී අනුපාතය වාර්ෂිකව සියයට 0.25 කින් අඩු කිරීමට නියමිතයි.

එමගින් ගණුදෙනුකරුවන්ට ණය ආපසු ගෙවීම් සමග ඩොලර් ලක්ෂ 5 ක නිවාස ණයක් මත පදනම්ව, මසකට අමතර ඩොලර් 90 ක් හෝ වසරකට ඩොලර් 1080 ක් ඉතිරි කළ හැකි බවයි වෙස්ට්පැක් ප්‍රධාන විධායක ජේසන් යෙටන් කියාසිටියේ.