ෆයිසර් එන්නත වයස අවුරුදු 50 ට අඩු ඕස්ට්‍රේලියානුවන්ට සීමා කරයි

PFIZER

ෆෙඩරල් රජය විසින් COVID ෆයිසර් එන්නත වයස අවුරුදු 50 ට අඩු ඕස්ට්‍රේලියානුවන්ට සීමා කර ඇත.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම් බ්‍රෙන්ඩන් මර්ෆි පැවසුවේ ෆයිසර් එන්නත “වයස අවුරුදු 50 ට අඩු අයට පමණක් සීමා කර ඇති” බවයි.

කලින් ෆයිසර් එන්නත එම වයස් කාණ්ඩයට “නිර්දේශ” කරන ලදී.

“ඕස්ට්‍රේලියානුවන්ට සෑම විටම තේරීමක් ඇති අතර වසර අවසානයේදී තවත් ෆයිසර් එන්නත ලබා ගත හැකිය. මෙම අවස්ථාවෙහිදී අපි වයස 50 සහ ඊට වැඩි අයට ෆයිසර් ලබා නොදෙනු ඇත.”

“(50 ට වැඩි) අපි නිර්දේශ කරන්නේ ඇස්ට්‍රාසෙනෙකා ” මහාචාර්ය මර්ෆි පැවසුවේය.

එන්නත් කිරීමේ ක්‍රියාවලිය හොඳින් සිදුවන අතර වයස්ගත සත්කාරක නිවැසියන් (aged care residents) සියල්ලට පාහේ එන්නත් දී අවසන් බවද ඔහු පැවසීය.