
වික්ටෝරියා ප්‍රාන්තය තුළ පෞද්ගලික පාසල් (රාජ්‍ය නොවන) වෙත ඇතුලත් වන සිසුන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය වර්ෂය තුළදී පමණක් පෞද්ගලික පාසල් වෙත ඇතුලත් වූ සිසුන්ගේ ප්‍රතිශතය සියයට 2.6 කින් පමණ ඉහළ ගොස් තිබෙන බවයි දැක්වෙන්නේ.
මේ අතර එම පාසල් සදහා ඇතුලත් වූ වික්ටෝරියා සිසුන්ගේ අනුපාතය ද 37% ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛන කාර්යංශ දත්ත ඔස්සේ හදුනාගෙන තිබෙනවා.

අධ්‍යාපන විශේෂඥයින්ගේ අදහස වී ඇත්තේ අර්ධ නාගරික කලාපවල ජීවත්වන දෙමව්පියන් රජයේ පාසල්වලට සාපේක්ෂව පෞද්ගලික පාසල් කෙරෙහි විශ්වාසය තබා සිටින බවයි.
2024 වර්ෂයේ දී වික්ටෝරියා ප්‍රාන්තය තුළ ස්වාධීන පාසල් (Independent Schools) සදහා දරුවන් ඇතුලත් කිරීමේ ප්‍රතිශතය සියයට 4.2% කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තය තුළ වැඩිම අධ්‍යාපන වියදම් සහිත පාසලක් ලෙස සැලකෙන Mentone Grammar වෙත පසුගිය වසර වනවිට සිසුන් 1,915 දෙනෙකු ඇතුලත් කර තිබෙන බවයි දැක්වෙන්නේ.
එවැනි පාසල් 2024 වර්ෂයේ සිට ජ්‍යේෂ්ඨ සිසුන් සදහා වන සිය අධ්‍යයන ගාස්තු සියයට 6.5 කින් පමණ ඉහළ දමා ඇති බව ද අනාවරණය වී තිබෙනවා.
ප්‍රාන්තය තුළ උද්ධමන අගය ඉහළ ගොස් තිබෙන පසුබිමක සිය දරුවන් වැඩි වශයෙන් රාජ්‍ය නොවන පෞද්ගලික පාසල් වෙත ඇතුලත් කිරීමට දෙමව්පියන් කටයුතු කරමින් සිටින බව ද වැඩිදුරටත් සදහන්.