Search

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය නැවත ඉහළ යයිද? – මහජන මතය ගැන නවතම අනාවරණයක්

මෙරට උද්ධමනය සම්බන්ධයෙන් ජනතාව තුළ විශාල කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

ඉදිරියේදී පැවැත්වීමට ෆෙඩරල් මැතිවරණය සදහා ද උද්ධමනය විශාල බලපෑමක් එල්ල කරනු ඇති බවයි දේශපාලන විචාරකයින් විසින් පෙන්වා දී ඇත්තේ.

මේ අතර විපක්ෂ නායක පීටර් ඩට්න් ට ජීවන වියදම් අර්බුදය පාලනය කළ හැකි බවට ජනතාව තුළ දැඩි විශ්වාසයක් නොමැති බවට නවතම ජන මත විමසුමක දී අනාවරණය වී තිබෙනවා.

The Australian විසින් සිදු කළ නවතම Newspoll සමීක්ෂණ වාර්තා ප්‍රතිඵලවලට අනුව පෙනී යන්නේ ලිබරල් සහ නැෂනල් යන පක්ෂ යටතේ උද්ධමනය අඩු වන බව විශ්වාස කරන්නේ සියයට 24 ක පිරිසක් පමණක් වන බවයි.

කෙසේ වෙතත් එම පක්ෂ යටතේ රට තුළ උද්ධමනය ඉහළ යනු ඇති බවට සියයට 25 ක පිරිසකගේ අදහස වී තිබෙනවා.

මේ අතර සමීක්ෂණය සදහා සම්බන්ධ වූ සියයට 31 කගේ විශ්වාසය වී ඇත්තේ රට තුළ දැනට පවතින උද්ධමන අගය ඉදිරියටත් ඒ ආකාරයෙන්ම පවතිනු ඇති බවයි.

මෙහෙදී සියයට 20 ක පිරිසක් උද්ධමනය අගය තීරණය කිරීම අවිනිශ්චිත බවට සදහන් කර තිබෙන බව ද වැඩිදුරටත් සදහන්.