Search

කැනඩාවේදී මගීන් 80 ක් රැගත් ගුවන් යානයක් අනතුරට පත්වෙයි

කැනඩාවේ Toronto Pearson ගුවන් තොටුපළේ ධාවන පථයේ දී මගී ගුවන් යායක් අනතුරට පත්වී තිබෙනවා.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ Delta ගුවන් සේවයට අයත් යානයක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

යානය අනතුරට පත්වන විට එහි මගීන් 80 දෙනෙකු පමණ සිටි බවයි දැක්වෙන්නේ.

මෙම අනතුරෙන් පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලන අංශය විසින් සදහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් Toronto හි Peel Regional Paramedic Service විසින් යාවත්කාලීන කරන ලද තොරතුරු ඔස්සේ අනාවරණය වී ඇත්තේ සිද්ධියෙන් පුද්ගලයන් 15 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.

බරපතල තුවාල ලැබූවන් අතර කුඩා දරුවෙකු සහ වැඩිහිටි පුද්ගලයන් දෙදෙනෙකු ද සිටින බවයි පැවසෙන්නේ.

මෙම වසරේ ගතවූ කාලසීමාව තුළ ලොව පුරා රටවල් කිහිපයකින්ම ගුවන් අනතුරු රැසක් වාර්තා වී තිබීම ද කැපී පෙනෙනවා.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »