
එක්සත් ජාතීන්ගේ සම්මුතියට අනුව ජාත්‍යන්තර නාවික නීතිය පිළිපැදීමේ වැදගත්කම, ඔස්ට්‍රේලියා ආරක්ෂක අංශ චීනයට අවධාරණය කරනවා.
23 වන ඔස්ට්‍රේලියා – චීන ආරක්ෂක උපායමාර්ගික සංවාදය ඊයේ චීනයේ බීජිං නුවර දී පැවැත්වුණා.
එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික, ගෝලීය සහ කලාපීය ආරක්ෂක ගැටළු මෙන්ම ආරක්ෂක හමුදාවන්ගේ විනිවිදභාවය සහ සන්නිවේදනය පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.

මෙම සංවාදයට ඔස්ට්‍රේලියා ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ චීන මහජන විමුක්ති හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වුණා.
ඔස්ට්‍රේලියා ජ්‍යේෂ්ඨ ආරක්ෂක නිලධාරියෙකු ප්‍රකාශ කළේ වැරදි ගණනය කිරීම් හෝ උත්සන්න වීමේ අවදානම වළක්වා ගැනීමට සියලුම රටවල් සෑමවිටම ආරක්ෂිත හා වෘත්තීය ආකාරයෙන් ක්‍රියා කළ යුතු බවයි.

එමෙන්ම සියලු රටවල් ස්වෛරීභාවයට ගරු කරන මෙන්ම සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය ආරක්ෂා කරන ආකාරයෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද ඔස්ට්‍රේලියාව අවධාරණය කළා.
පසුගියදා ඔස්ට්‍රේලියා ජාත්‍යන්තර සීමාවන් හිදී චීනයේ යුධ නෞකාවක් හා ජෙට් යානා 2 ක් ගමන් කිරීමෙන් ඔස්ට්‍රේලියා ආරක්ෂක අංශ දැඩි අවධානයෙන් පසුවුණා.