Search

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

ඇඩිලේඩ් හී පදිංචිකාරියක් වන ඒප්‍රිල් බෙන්ජමින් විසිනුයි මෙම වීඩියෝ ක්‍රීඩාව නිර්මාණය කරනු ලැබ ඇත්තේ.

සම්ප්‍රදායික මනෝ චිකිත්සක ක්‍රම දරුවන් සමඟ කටයුතු කිරීමේ දී ඵලදායී නොවන බව ඇය හදුනාගෙන තිබෙනවා.

ඒ ඔස්සේ දරුවන් කැමැත්තක් දක්වන මනෝ චිකිත්සක ප්‍රතිකාර ක්‍රමයන් හදුනාගැනීම සදහා ඒප්‍රිල් බෙන්ජමින් අධ්‍යයනයන් සිදු කර තිබෙන බවයි දැක්වෙන්නේ.

Taming Yore (ටේමින් යෝ) නම් වීඩියෝ ක්‍රීඩාව ඇය නිර්මාණය කළේ එම අධ්‍යයන ප්‍රතිඵල මත පදනම්වයි.

අදාළ ක්‍රමවේදය හරහා දරුවන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගනිමින් සිටින බව ද සදහන්.

ඉදිරි මාස දෙකක කාලසීමාව තුළ මෙම වීඩියෝ ක්‍රීඩාව වෙළදපොළ වෙත ගෙන ඒමට තමන් බලාපොරොත්තු වන බවයි ඒප්‍රිල් බෙන්ජමින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.