
තම දරුවන් පාසල වෙත රැගෙන යන දෙමව්පියන්ට දීමනාවක් ගෙවීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.
මෙය සිදුවන්නේ නව පාසල් ප්‍රවාහන ආධාර යෝජනා ක්‍රමය යටතේ බවයි දැක්වෙන්නේ.
ඒ යටතේ සිය පෞද්ගලික වාහන ඔස්සේ දරුවන් පාසල වෙත රැගෙන යන සහ පොදු ප්‍රවාහන සේවාවන් වෙත දරුවන් යොමු කිරීම සදහා තම පෞද්ගලික වාහන භාවිත කරන දෙමව්පියන් වෙත දීමනවක් හිමි වනු ඇති.

ප්‍රාන්ත රජයේ මෙම නව දීමනාව සදහා සුදුසුකම් ලබා ගැනීම නිවසේ සිට පාසලට ඇති දුර ප්‍රමාණය අනුව තීරණය වන බවයි පැවසෙන්නේ.
මෙම දීමනාව සදහා සුදුසුකම් ලැබීමට නම් තම නිවස ආසන්නයේ පිහිටි රජයේ ප්‍රාථමික පාසල කිලෝමීටර් 3.2 ක දුරින් පිහිටා තිබිය යුතුයි.

එමෙන්ම ආසන්නම ද්විතීක පාසල කිලෝමීටර් 4.8 කට වඩා වැඩි දුරකින් පිහිටා තිබීම ද මෙහිදී අනිවාර්ය වනවා.
අදාළ නිර්ණායක සම්පූර්ණ කර ඇති පෞද්ගලික පාසල්වල අධ්‍යාපනය ලබන සිසුන්ගේ පවුල් වලට ද මේ සදහා අයදුම් කළ හැකියි.
පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කරන පාසල් දරුවන්ගේ පවුල්වලට ද මේ සදහා අයදුම් කිරීමේ හැකියව පවතිනවා.
Health Care කාඩ්පත් හෝ Pensioner Concession කාඩ්පත් ඔස්සේ යැපෙන පාසල් දරුවන්ට මෙන්ම ළමා ආරක්ෂණ නියෝග යටතේ සිටින සිසුන්ට මේ හරහා Safety – Net Assistance හිමි වනු ඇති.