Search

ළමා සෞඛ්‍ය සේවා ඉහළ නංවන්න අලුත් වැඩක් වික්ටෝරියාවෙන්

ළමා සෞඛ්‍ය සේවා ඉහළ නැංවීමේ ව්‍යාපෘතියක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආරම්භ කර තිබෙනවා.

ඒ වෙනුවෙන් මෙල්බන් රෝයල් ළමා රෝහලට අනුබද්ධ ගුඩ් ෆ්‍රයිඩේ ඇපීල් හි මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 3 ක අයෝජනයක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

නිවසට සමීපව ජාත්‍යන්තර මට්ටමේ රැකවරණයක් රෝගී දරුවන්ට ලබාදීම එහි අරමුණ බව ගුඩ් ෆ්‍රයිඩේ ඇපීල් අරමුදලේ සභාපතිවරයා කියාසිටියා.

ප්‍රාදේශීය රෝහල් තව තවත් ස්ථාපිත කිරීම, රෝගී සත්කාර වැඩිදියුණු කිරීම සහ අත්‍යවශ්‍ය ව්‍යාපෘති වලට සහය වීම සඳහා මෙම අරමුදල් යෙදවිය හැකි බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

වික්ටෝරියා සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවේ මෙම අරමුදල කලාපයේ රෝගීන්ගේ රැකවරණය වැඩි දියුණු කිරීමට මෙන්ම කලාපීය රෝහල් වලට අත්‍යවශ්‍ය සම්පත් වලින් සන්නද්ධ කිරීම වෙනුවෙන් යොදවන බවයි.

ගුඩ් ෆ්‍රයිඩේ ඇපීල් අරමුදල මේ වනවිටත් රෝගී දරුවන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් ඩොලර් මිලියන 468 ක මුදලක් වෙන්කර තිබෙනවා.