Search

ජනවාරියේ මෙල්බන් ගුවන් තොටුපළ වාර්තා පිට වාර්තා තබයි

පසුගිය ජනවාරි මාසයේ මෙල්බන් ගුවන් තොටුපළ හරහා වාර්තාගත සංචාරකයින් පිරිසක් ගමන් කර තිබෙනවා.

Australian Open ටෙනිස් තරඟාවලිය සහ චීන නව අවුරුදු උදාවේ සැමරැම් සඳහා සංචාරකයින් බොහෝදෙනෙකු පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ මෙල්බන් ගුවන් තොටුපළ විසින් නිකුත් කළ සංඛ්‍යා ලේඛන වලින් පෙනීගියේ පසුගිය මාසයේදී තිස් තුන් ලක්ෂ අනූ දහසකට වැඩි සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති බවයි.

ජනවාරි මාසයේ දේශීය මගීන් බහුතරයක් මෙල්බන් ගුවන් තොටුපළ හරහා ගමන් කර ඇති අතර එය විසි එක් ලක්ෂයකට අධික යි.

එය 2024 ජනවාරියට සාපේක්ෂව සියයට 5 ක වැඩිවීමක්.

කෙසේවෙතත් පසුගිය දෙසැම්බරයේ වාර්තා බිඳදමමින් ජාත්‍යන්තර සංචාරකයින් දොළොස් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මෙල්බන් ගුවන් තොටුපළ හරහා පැමිණියා.

එය 2024 ට සාපේක්ෂව සියයට 14 ක ඉහළ යාමක්.

මෙල්බන් ගුවන් තොටුපළ පසුගිය වසරේ තුර්කි ගුවන් සේවය, වියට්ජෙට්, සෙබු පැසිෆික්, චයිනා සදර්න් සහ චයිනා එයාර් ලයින්ස් සමාගම් මගින් අමතර ජාත්‍යන්තර ධාරිතාවන් ඉහළ නැංවුවා.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »