
මිලියන සංඛ්‍යාත ඔස්ට්‍රේලියානුවන් පිරිසක් ඉමහත් අපේක්ෂාවෙන් සිටින තීරණයක් ෆෙඩරල් සංචිත බැංකුව විසින් අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
සංචිත බැංකුවේ විධායක මණ්ඩලයේ දෙදින රැස්වීම ඊයේ (17) ආරම්භ වූ අතර එහිදී ගනු ලැබූ තීරණ නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙන්නේ මෙල්බන් වේලාවෙන් අද පස්වරු 2.30 ටයි.
මෙහිදී වැඩිම අවධානයක් යොමුවී ඇත්තේ Cash Rate අගයෙහි වෙනසක් සිදුවනු ඇතිද යන්න පිළිබඳවයි.

දැනට සියයට 4.35 ක්ව පවතින එම අගය පදනම් ඒකක 25 කින් හෙවත් සියයට 0.25 කින් අඩු කෙරෙනු ඇති බවටයි ආර්ථික විශ්ලේෂකයන් ගණනාවක් සති කිහිපයක සිට පුරෝකථනය කරනු ලැබුවේ.
එසේ වුවහොත් නිවාස ණය සහ උකස් ණය ගෙන ඇති මිලියන සංඛ්‍යාත ඔස්ට්‍රේලියානුවන්ට එය සැනසිලිදායක පුවතක් වනු ඇත්තේ මාසික වාරිකය පහළයාම හේතුවෙනුයි.

කෙසේවෙතත් එක් එක් බැංකුව විසින් අය කෙරෙන පොළී අනුපාතික අගයන් වෙනස් අගයන් ගනු ලබනවා.
ඒ අනුව සංචිත බැංකුවේ තීරණය අනුව එක් එක් බැංකුව ගනු ලබන තීන්දු ද බොහෝ දුරට අද පස්වරුව වනවිට ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.
ෆෙඩරල් සංචිත බැංකුවේ මීළග රැස්වීම යෙදී ඇත්තේ ලබන මාර්තු 31 සහ අප්‍රේල් 01 යන දෙදින තුළදීයි.