
ශ්‍රී ලංකාවෙන් පිටත පවත්වනු ලබන දැවැන්තම අලුත් අවුරුදු උත්සවයක් වන “මෙල්බන් සූර්ය උදානය 2025 “මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සැලසුම් කර තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ උතුරු වික්ටෝරියානු ශ්‍රී ලාංකික සුබසාධක හා සංස්කෘතික සංගමය විසින් මෙල්බන් සූර්ය උදානය අලුත් අවුරුදු උළෙල සමගින් Street Food Carnival මෙවර සංවිධාන කර ඇත්තේ 11 වන වරටයි.
අප්‍රේල් මස 13 වන ඉරිදා පෙරවරු 8 සිට දවස පුරා ANZAC Park, Craigieburn
හිදී මෙල්බන් හි විශාලතම අවුරුදු උළෙල හා Street Food Carnival සමගින් “ සූර්ය උදානය 2025” පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සුදානම් කර තිබෙනවා.

ඒ සඳහා මෙවරත් සාඩම්බරයෙන් මාධ්‍ය අනුග්‍රහය සැපයීමට අත්වැල් බැඳගෙන සිටින්නේ ඔස්ට්‍රේලියාවේ අංක එකේ ශ්‍රී ලාංකික මාධ්‍ය ජාලය වන Ausලංකා TV, Ausලංකා Radio ප්‍රමුඛ Ausලංකා මාධ්‍ය ජාලයයි.
ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් වන “Mystery“ සංගීතයෙන් හැඩවන මෙවර අවුරුදු උළෙලට ශ්‍රී ලාංකිකයන් ඇතුලු අති විශාල පිරිසක් සහභාගී වන බවයි සංවිධායකයන් විසින් ප්‍රකාශ කළේ.

අලුත් අවුරුදු කෑම මේසය, අලුත් අවුරුදු චාරිත්‍ර මෙන්ම සෑම වයස් කාණ්ඩයකටම සහභාගී විය හැකි තරග ඉසව් ගණනාවකින් සහ ජනක්‍රීඩා රැසකින් පසුගිය වසර වලදී පැවැත්වූ ආකාරයෙන්ම අවුරුදු 5 ට අඩු සියලුම දරුවන්‍ර ලබාදෙන තෑගි ඇතුලුව සියලුම තරග ඉසව් සදහා මෙවරත් වටිනා තෑගි බෙදා දීමට නියමිතයි.
නවතම අංගයක් වශයෙන් විවිධ ආහාරපාන වලින් සමන්විත Street Food Carnival සහ වෙළද කුටි විශාල ප්‍රමාණයක් මෙවර මෙල්බන් සූර්ය උදානය අවුරුදු උළෙල සදහා ඇතුළත් වනවා.
මෙල්බන් සූර්ය උදානය 2025 අවුරුදු උළෙලේ වෙළඳ කුටි ලබාගැනීම සඳහා – 0433286642 අංකය ඔස්සේ අසංග හෝ 0405 778 677 අංකය ඔස්සේ ප්‍රවීන් සම්බන්ධ කර ගන්නා ලෙසයි සංවිධායක මණ්ඩලය විසින් ව්‍යාපාරික ප්‍රජාව වෙත දැනුම් දෙන්නේ.
මෙවර අවුරුදු උළෙළේ විශේෂ දිනුම් ඇදීමක් වෙනුවෙන් ටිකට් පතක් ද හඳුන්වා දී තිබෙනවා.
එහි මූලික ත්‍යාග වශයෙන් ශ්‍රී ලංකවට යාමට ඒමට ගුවන් ටිකට් පත් කිහිපයක් ද ලබාදීමට නියමිත අතර තවත් සැනසිලි ත්‍යාග රැසක් ද ජයග්‍රාහකයන් අතර බෙදා දීමටයි සැලසුම් කර ඇත්තේ.
අදාළ ටිකට් පත් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 0431 752 552 අංකයෙන් උදිත හෝ 0425 800 028 අංකයෙන් රංග ඇමතීමෙන් ඔබට ලබගැනීමට හැකියාව පවතිනවා.
මෙල්බන් “ සූර්ය උදානය 2025 අවුරුදු උළෙල පිලිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා 0425 815 152 අංකයෙන් ඉඹුලාන සහ 0413 585 436 අංකයෙන් උපුල් සම්බන්ධ කර ගන්නා ලෙසයි සංවිධායක මණ්ඩලය විසින් දැනුම් දී ඇත්තේ.
මෙම අවස්ථාව සදහා එදිනට මෙල්බන් අවට සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ට සහභාගී වන ලෙසට සංවිධායක මණ්ඩලය විසින් ආරාධනා කර සිටිනවා.