
ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 17) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 193 කට ආසන්න වී තිබෙනවා.
එහි ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් මිළ සටහන් වූයේ රුපියල් 192 යි ශත 92 ක් ලෙසයි.
ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 183 යි ශත 03 ක් ලෙසයි.

ඒ අනුව නොවැම්බර් 12 වනදා අමෙරිකානු ඩොලරයක විකිණුම් මිළ සටහන් වූයේ රුපියල් 299 යි ශත 99 ක් ලෙස වන අතර එහි ගැණුම් මිල රුපියල් 291 යි ශත 34 ක් වනවා.
ඒ අනුව පසුගිය සතිය තුළ ඔස්ට්‍රේලියානු ඩොලරයේ අවම විකුණුම් අගය රුපියල් 190 ක් වු අතර මේ වන විට ඉහළ යෑමක් සිදුව ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා මගින් පෙන්වා දෙන්නේ.

එම වාර්තා අනුව යූරෝවක විකුණුම් මිල රුපියල් 316.66 වන අතර එහි ගැණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 304.10 ක් ලෙසයි.