
වික්ටෝරියා පොලිස් නිලධාරීන්ට එරෙහිව දේශගුණික ක්‍රියාකාරී ජෝර්ඩන් බ්‍රවුන් විසින් නඩුවක් ගොනු කර තිබෙනවා.
ඒ සමාකාමී විරෝධතාවයක නිරත වෙමින් සිටි අතරතුරදී වික්ටෝරියා පොලිස් නිලධාරීන් විසින් Oleoresin Capsicum (OC) නම් ද්‍රවයක් ඉසීම හේතුවෙන් බවටයි තොරතුරු වාර්තා වන්නේ.
එය සිදුවී ඇත්තේ 2019 වසරේ ඔක්තෝබර් මාසයේදී පැවති මෙල්බන් ප්‍රදර්ශන මධ්‍යස්ථානය අසල පැවති විරෝධතාවයකදීයි.

එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් අවස්ථා දෙකකදී එම දියරය ජෝර්ඩන් බ්‍රවුන් වෙත ඉසීම සිදු කර තිබෙනවා.
සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව මෙවැනි ක්‍රියා සිදු කිරීම අසාධාරණ සහ නීති විරෝධී බවයි නීතිවේදීන්ගේ අදහස වී ඇත්තේ.

අදාළ නඩු විභාගය සති දෙකකට වඩා වැඩි කාලයක් පවතිනු ඇති බවටයි වැඩිදුරටත් අනුමාන කෙරෙන්නේ.