
ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව සම්බන්ධ කරගන්නා බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා නව රජයේ පළමු අය වැය ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවේදී බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් සමඟ විදෙස් ව්‍යාපාරික ජාල, වාණිජ අවස්ථා හා වාණිජ සහයෝගීතාවය වැඩි දියුණු කිරීම වෙනුවෙන් විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව සම්බන්ධ කරගන්නා බවයි ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කළේ.

මෙම යෝජනාව හරහා ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් විදෙස්ගත ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවට සම්බන්ධ වීමට ද අවකාශය හිමි වනවා.
ශ්‍රී ලංකා නව රජයේ පළමු අයවැය ප්‍රකාශය මේ වනවිට පැවැත්වෙනවා.
