
ඉදිරි ෆෙඩරල් මැතිවරණයට සමගාමීව බදු අඩු කිරීම (Tax Cuts) සම්බන්ධව සමාජයේ විශාල කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
පාලක කම්කරු පක්ෂය සහ විපක්ෂ ලිබරල් සන්ධානය විසින් සිය බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඉදිරි මැතිවරණය ඉලක්ක කරගෙන ජනතාව වෙත පොරොන්දු රැසක් ලබදෙනු ඇති.
කෙසේ වෙතත් දේශපාලන විචාරකයින්ගේ අදහස වී ඇත්තේ පාලක කම්කරු පක්ෂයට සාපේක්ෂව විපක්ෂ ලිබරල් සන්ධානය විසින් බදු අඩු කිරීම සම්බන්ධයෙන් ජනතාවට පොරොන්දු රැසක් ලබා දෙනු ඇති බවයි.

රට තුළ දැනට ක්‍රියාත්මක වන බදු ප්‍රතිපත්තීන් සංශෝධනය කිරීම කෙරෙහි විපක්ෂ ලිබරල් සන්ධානයේ මූලික අවධානය මේ වනවිට යොමුව තිබෙනවා.
බදු අඩු කිරීම මගින් ඔස්ට්‍රේලියානුවන්ගේ ඉහළ යන ජීවන වියදමට ඉදිරියේදී සහනයක් වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

ඉදිරි ෆෙඩරල් මැතිවරණය අප්‍රේල් මාසයේදී පැවැත්වීමට වැඩි ඉඩක් පවතින බවයි දේශපාලන විචාරකයන්ගේ අදහස වී ඇත්තේ.