Search

ඔස්ට්‍රේලියාවේ අඩුවට නිවසක් මිලට ගත හැකි තැන් මෙන්න

ඔස්ට්‍රේලියා අගනුවරයන් හි තදාසන්න ප්‍රදේශයන් කිහිපයක, නිවසක් ඩොලර් 500,000 කට අඩු අගයකට මිලදී ගැනීමට හැකි බව නවතම වාර්තාවල දැක්වෙනවා.

එවැනි තදාසන්න ප්‍රදේශ 12 ක් පිළිබඳව ඩොමේන් හවුස් මිල වාර්තාවෙහි සඳහන්.

ඔවුන් පෙන්වාදෙන්නේ අගනගරයක දැරිය හැකි මිලකට නිවසක් මිලදී ගැනීමේ හැකියාව පසුගිය දශකය තුළ වේගයෙන් අඩු වූ බවයි.

මෙල්බන් හි සීබීඩී සිට කිලෝමීටර 30 ක් පමණ දුරින් පිහිටි මෙල්ටන් ප්‍රදේශයෙන් ඩොලර් 465,000 කට පමණ නිවසක් මිලට ගත හැකි බවයි එහි දේශීය නියෝජිත වරයා කියාසිටියේ.

විශේෂයෙන් ඇඩිලේඩ් සහ පර්ත් හි තෝරාගත් ප්‍රදේශ කිහිපයකින් ද, නිවාස මිලට ගැනීමට හැකි බව ඩොමේන් හවුස් වාර්තාවේ සඳහන්.

නිවෙස් මිලට ගත හැකි ප්‍රදේශ ලෙස එලිසබෙත් නෝත්, වුඩ්රිජ් සහ මිඩ්ලෑන්ඩ් ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක් පිළිබඳව ඩොමේන් හවුස් වාර්තාවේ දැක්වෙනවා.

 

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »