Search

දකුණු ඔස්ට්‍රේලියාවේ බනිස් වර්ගයක් – කන්න එපා

දකුණු ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල්වල අලෙවි වූ ආහාර නිෂ්පාදනයක ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටළු මතුවී තිබෙනවා.

ඒ  මිනි ෆුට් හොට් ක්‍රොස් බනිස් (mini fruit hot cross bun ) වල තිබී වීදුරු කොටස් ඇති බවට වාර්තා වීමත් සමගයි.

මේ වනවිට හොට් ක්‍රොස් බනිස් තොගයක් නැවත කැඳවීමක් ද නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ෆුඩ්ලන්ඩ් සුපිරි වෙළඳසැල්වල සහ අන්තර්ජාලය ඔස්සේ මේ වනවිට එම බනිස් පැකට් 9 ක් අලෙවි කර ඇති බව ආහාර සුරක්ෂිතතා නිරීක්ෂකයා නිවේදනය කළා.

මාර්තු 3 වන දිනට නිෂ්පාදනය සලකුණු කර ඇති හොට් ක්‍රොස් බනිස් නිෂ්පාදන මිලට ගැනීමෙන් වළකින ලෙසයි එම නිරීක්ෂකයා ඉල්ලා සිටියේ.

මෙය පරිභෝජනයෙන් විවිධ රෝගාබාධ මෙන්ම තුවාල ද ඇති විය හැකි බව ඔහු පෙන්වාදෙනවා.