Search

සිඩ්නි හි දුම්රිය ජාලය අදත් අවුල්වෙයි

සිඩ්නි හි අද දිනයේත් ක්‍රියාත්මක වන දුම්රිය සේවක වර්ජනය හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවට පත් ව තිබෙනවා.

දුම්රිය සේවකයින් 200 කට ආසන්න පිරිසක් අදත් සේවයට වාර්තා වී නැහැ.

මේ වනවිට දුම්රිය වාර 335 ක් පමණ අවලංගු කර ඇති බවද වාර්තා වනවා.

කෙසේවෙතත් NSW හි ප්‍රවාහන සේවය පවසන්නේ ප්‍රවාහන ජාලය යම් ප්‍රමාදයක් පමණක් දක්නට ඇති බවයි.

එමෙන්ම අත්‍යවශ්‍ය නොවන ගමන් වලින් වැළකී සිටින්නැයි ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියා.

රජය පවසන්නේ කාර්මික ක්‍රියාමාර්ගය හේතුවෙන් දිගු ප්‍රමාදයන් සහ අවලංගු කිරීම් අපේක්ෂා කරන බවයි.

දුම්රිය භාවිත කරන පාසල් ළමුන් සඳහා විකල්ප ප්‍රවාහන පහසුකම් සලසන ලෙස ද රජය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කළා.

දුම්රිය, ට්‍රෑම් සහ බස් සංගම් හා ප්‍රාන්ත රජය අතර මාස කිහිපයක් තිස්සේ පැවති ගැටුම්කාරී තත්වය පසුගිය සතියේ සිට උග්‍ර අතට පත්ව තිබෙනවා.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »