
2024 වසරේ නවසීලන්තයේ ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැළඳි නිෂී රණතුංග සිය රට වන නවසීලන්තයට පැමිණ තිබෙනවා.
ඇය එම තරඟාවලියේදී මෝස්ට් එක්සොටික් ක්වීන් (Most exotic queen) ලෙසද ජයග්‍රහණය කර තිබීම විශේෂත්වයක්.
රට තුළට පැමිණීමේ දී ඇය ප්‍රකාශ කළේ සිහින සිහන ලෙස නොපවත්වා සිහින යථාර්තයක් බවට පත්කිරීමට කැපවෙන ලෙසයි.

පසුගියදා නවසීලන්තයේ පැවති නවසීලන්ත විවාහක රූ රැජින තරඟයෙන් නිශී රණතුංග 3 වන ස්ථානයට පත්වුණා.
ඒ අනුව ඇය 2023 විශ්ව විවාහක රූ රැජිණ තරඟාවලිය සඳහා නවසීලන්තය නියෝජනය කරමින් නවසීලන්තයේ ලෝක විවාහක රූ රැජිණ වරම් හිමිකර ගත්තා.

නිශී අධ්‍යාපනය පිළිබඳ උපාධියක් සහ ප්‍රාසාංගික කලාව පිළිබඳ ඩිප්ලෝමාවක් ලබාගත් වෘත්තියෙන් ගුරුවරියක වනවා.
(NZSL DANCE STUDIO) නිව්සීලන්ඩ් ඩාන්ස් ස්ටුඩියෝ හි අධ්‍යක්ෂිකාව හා ශිල්පිනියක් ලෙසද කටයුතු කරන නිශී අවුරුදු 4 ක දූ සිඟිත්තකගේ ආදරණීය මවක්.
නිශී රණතුංගට ශ්‍රී ලංකාවේ සහ නවසීලන්තයේ ද්විත්ව පුරවැසිභාවය ද හිමි වනවා.