
ගත වූ පැය 24 තුළ මෙල්බනයෙන් අපරාධ කිහිපයක් වාර්තා වනවා.
මෙල්බනයේ බටහර ප්‍රදේශයේ නිවසක තිබී ඊයේ රාත්‍රියේ පිළිස්සුණු මළ සිරැරක් හමු වී ඇති බවයි පොලීසිය පවසන්නේ.
පොලීසිය එම ස්ථානයට යන විටත් නිවස ගිනිගනිමින් තිබුණු අතර ගිනි නිවීමේ හමුදාව එක්ව ගින්න මැඩ පවත්වා ඇති බව වාර්තා වනවා.

මේ අතර මෙල්බර්න් හි ගිනිකොන ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
අලුයම 1 ට පමණ පුද්ගලයන් තුන් දෙනෙකු සහ නිවසක පදිංචිකරුවෙකු අතර ඇති වූ බහින්බස් වීමකදීයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ.

තුවාල ලැබූ පුද්ගලයා වහා රෝහල්ගත කර ඇති අතර අනෙක් අය එම ස්ථානයෙන් පළා ගොස් ඇති බව වාර්තා වනවා.
මේ අතර මෙල්බන් නගරය පුරා පොක්මොන් කාඩ්පත් සොරාගත් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා.