
ඉදිරි ඔස්ට්‍රේලියා ෆෙඩරල් මැතිවරණයේදී පාලක කම්කරු පක්ෂයට සාපේක්ෂව විපක්ෂ ලිබරල් සන්ධානය වැඩි ආසන ප්‍රමාණයක් දිනා ගන්නා බවට නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.
YouGov විසින් සිදු කළ ජනමත විමසුමට අදාළ ප්‍රතිඵලවලට අනුවයි මෙම අනුමානයන් සිදු කර ඇත්තේ.
ඒ අනුව ඉදිරි ෆෙඩරල් මැතිවරණයේදී විපක්ෂ ලිබරල් සන්ධානය විසින් ආසන 73 ක් පමණ දිනා ගනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

සමීක්ෂණ ප්‍රතිඵලවලට අනුව පෙනී යන්නේ මෙවර පාලක කම්කරු පක්ෂයට ආසන 66 ක් පමණ හිමි වනු ඇති බවයි.
කෙසේ වෙතත් කිසිදු පක්ෂයට මෙවර ෆෙඩරල් පාර්ලිමේන්තුව තුළ බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට නොහැකි වනු ඇති බවටයි මෙම ප්‍රතිඵල හරහා අනුමාන කෙරෙන්නේ.

එමෙන්ම ඉදිරි මැතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයන් විසින් ආසන 08 ක් පමණ ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩක් පවතිනවා.
ඊට අමතරව Green පක්ෂය, Katter Australia පක්ෂය සහ Centre Alliance වෙත ආසන තුනක බලය හිමි වනු ඇති බවටයි මෙහි ප්‍රතිඵල ඔස්සේ පුරෝකතනය කෙරෙන්නේ.
මේ අතර කම්කරු පක්ෂය නිතර ජයග්‍රහණය කරන ආසන කිහිපයක බලය මෙවර විපක්ෂ ලිබරල් සන්ධානය වෙත හිමි වනු ඇති බවද වැඩිදුරටත් සදහන්.