
මෙවර වික්ටෝරියා Premier’s සාහිත්‍ය සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සංවිධායක මණ්ඩලය විසින් සැලසුම් කර තිබෙනවා.
සම්මාන උළෙල සදහා නිර්දේශ වී සිටින අවසන් තරඟකරුවන් 36 දෙනාගේ නාම ලේඛනය මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අතර ලේඛකයන්, කවියන්, නාට්‍ය පිටපත් රචකයන් ඇතුලු කලා ක්ෂේත්‍රය නියෝජනය කරන ප්‍රවීණයක් රැසක් ඇතුලත් වී තිබෙන බව ද සදහන්.

මෙහිදී ඔස්ට්‍රේලියාවේ සාහිත්‍ය සදහා වටිනාම ත්‍යාගය ලෙස සැළකෙන Victorian Prize for Literature හිමි වීම ද කැපී පෙනෙනවා.
එම ත්‍යාගයේ ජයග්‍රාහකයාට ඩොලර් 100,000 ක මුදලක් හිමි වන බවයි දැක්වෙන්නේ.

වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ආරම්භ කළ මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ 40 වන වරටයි.
මෙවර සම්මාන උළෙල කාණ්ඩ 09 ක් දක්වා පුළුල් කර ඇති අතර ඒ සදහා John Clarke Prize for Humour Writing නම් නව සම්මානයක් ද ඇතුලත් කර තිබෙනවා.
සම්මාන උළෙලේ සියලු පරිපාලන කටයුතු සිදුකරනු ලබන්නේ Wheeler Centre මගින් බව ද වැඩිදුරටත් සදහන්.