
ලොව විදෙස් සිසුන් සදහා හොදම නගර පිළිබඳව නවතම අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.
ඒ අනුව 2024 – 2025 අධ්‍යයන වර්ෂයට අදාළ QS දත්ත වාර්තා පදනම් කරගෙනයි මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ.
මෙල්බන් වෙත එහිදී හිමිව ඇත්තේ සිව් වන ස්ථානයයි.

සිඩ්නි වෙත ද එහි හත් වන ස්ථානය හිමිව තිබෙනවා.
ශ්‍රේණිගත කිරීමේදී පළමු ස්ථානය දිනා ගෙන ඇත්තේ එංගලන්තයේ ලන්ඩන් නගරයයි.

ජපානයේ ටෝකියෝ සහ දකුණු කොරියාවේ සෝල් යන නගර මෙම ලැයිස්තුවේ දෙවන සහ තුන්වන ස්ථාන දිනා ගෙන තිබීම ද මෙහිදී කැපී පෙනෙනවා.