Search

වික්ටෝරියාවේ ණය බර ඉහළට

වික්ටෝරියාවේ රාජ්‍ය ණය විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි ෆෙඩරල් රජය අනතුරු අඟවනවා.

ඒ හේතුවෙන් ෆෙඩරල් රජය වික්ටෝරියාවට සහන ලබාදිය යුතු බවයි හිටපු ෆෙඩරල් භාණ්ඩාගාර නිළධාරී ස්ටීවන් ඇන්තනී පවසන්නේ.

2023-24 දත්ත වාර්තාවලට අනුව වික්ටෝරියා හි එක් පුද්ගලයෙකුගේ ණය ප්‍රමාණය ඩොලර් 27,729 වනවා.

ගෝලීය පොලී අනුපාත 5% දක්වා ළඟා වීමට ආසන්න ව තිබියදී වික්ටෝරියා ණය ගැනීම ඉතා අනතුරු දායක තත්වයක් බවයි ඇන්තනී අනතුරු අඟවන්නේ.

වික්ටෝරියාව රටේ ඉහළම රාජ්‍ය ණය සහ අඩුම (AA) ණය ශ්‍රේණිගත කිරීම්වල පවතිනවා.

ෆෙඩරල් රජය 2024-25 සඳහා වැඩි කරන ලද GST ගෙවීම් වලින් ඩොලර් බිලියන 3.8 ක් වික්ටෝරියාවට ලබාදී ඇති අතර නිව් සවුත් වේල්ස්ට ඩොලර් මිලියන 188 ක් අහිමි වූ බවයි දත්ත වාර්තා පෙන්වාදෙන්නේ.

වික්ටෝරියාවේ යෝජනාකර ඇති දුම්රිය ව්‍යාපෘතිය (Suburban Rail Loop) සඳහා විශේඥයින්ගේ සෘජු උපදෙස්වලට පටහැනිව ෆෙඩරල් රජය පසුගියදා ගිවිසුම් අත්සන් කළ බව ද ඔවුන් චෝදනා කරනවා

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »