Search

බිඳවැටුණු Westpac අන්තර්ජාලය යළි යථාතත්වයට

අන්තර්ජාල සහ ජංගම බැංකු සේවා යළි යථාතත්වයට පත් කර ඇති බව වෙස්ට්පැක් බැංකුව පවසනවා.

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම බැංකුවක් වන වෙට්ස්පැක් අන්තර්ජාල බැංකු සේවයේ සිදුවූ යම් දෝෂයක් හේතුවෙන් පාරිභෝගිකයන් දහස් ගණනක් අද අපහසුතාවට ලක්වුණා.

උදෑසන වනවිට මේ සම්බන්ධයෙන් පැමිණිලි 2626 ක් ලැබී තිබූ බවයි වාර්තා වන්නේ.

තවත් බොහෝදෙනකු තම මුදල් ලබාගත නොහැකිව සමාජ මාධ්‍ය ඔස්සේ පැමිණිලි කර ඇති බව සඳහන්.

ඒ අනුව අවම පැය 6 ක පමණ වෙට්ස්පැක් අන්තර්ජාල බැංකු සේවය ඇණ හිට තිබෙනවා.

මේ අතර වෙස්ට්පැක් ප්‍රකාශකයෙකු සඳහන් කළේ සේවාවන් යථා තත්ත්වයට පත් කර ඇති අතර සිදුවූ අපහසුතාවයට පාරිභෝගිකයින්ගෙන් සමාව අයදින බවයි.

ශ්‍රී ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ කෙරෙන Aus Lanka TV Education Migration Expo 2025 සදහා තවත් දින 05 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “Aus Lanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින පහක් පමණයි.

Read More »