Search

වසර 26 කට පසු වික්ටෝරියාවේ කාලගුණය වාර්තා අතරට

වික්ටෝරියා ප්‍රාන්තයේ කාලගුණික වාර්තා ඊයේ (16) අලුත් වී තිබෙනවා.

ඒ ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලට වසර 26 කට පසුව පෙබරවාරි මාසයේ වාර්තා වූ අවම උෂ්ණත්වයක් සහිත රාත්‍රී කාලය ඊයේ දිනයේ දී වාර්තා වී තිබෙන බවයි පැවසෙන්නේ.

Mount Bow Baw හි ඊයේ රාත්‍රියේ උෂ්ණත්වය සටහන් වූයේ සෙල්සියස් අංශක සෘණ 1.4 ක් ලෙසයි.

එලෙස බිඳවැටුණේ 1999 පෙබරවාරි මස 08 වනදා එම ප්‍රදේශයෙන් වාර්තා වූ සෙල්සියස් අංශක සෘණ 01 ක අදාළ කාලගුණ වාර්තාව බවයි දැක්වෙන්නේ.

ඒ අනුව එදින රාත්‍රියේ මෙල්බන් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 9.9 ක් දක්වා පහත වැටී තිබීම ද කැපී පෙනෙනවා.

මීට පෙර මෙල්බන් හි පෙබරවාරි මාසයේ අවම උෂ්ණත්වයක් සහිත රාත්‍රිය වාර්තා වූයේ 2017 වසරේදීයි.

එම උෂ්ණත්වය සටහන් වී තිබුණේ සෙල්සියස් අංශක 10 ක් ලෙසයි.

ඇතැම් ප්‍රදේශවල සුළු හිම පතනයන් ද සිදුවී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »