Search

ඔස්ට්‍රේලියාවේ වයස්ගතම ගිනි නිවන භටයාට පදක්කමක්

බටහිර ඔස්ට්‍රේයාවේ වැඩිම කාලයක් ස්වෙච්ඡා සේවයෙහි යෙදුණු ගිනි නිවන භටයෙකුට ප්‍රාන්තයේ ගෞරවය හිමි වී තිබෙනවා.

103 න් හැවිරිදි හැරල්ඩ් ප්‍රවුඩ් නම් මෙම ස්වෙච්ඡා සේවකයාට විශේෂයෙන් නිර්මාණය කරන ලද පදක්කමක් පිරිනමා ඇති බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.

ගොවියෙකු ලෙස මීට පෙර සේවය කළ හැරල්ඩ්, ස්ට්‍රේලියාවේ සිටින වයස්ගතම ගිනි නිවන භටයා ලෙස වාර්තා වනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

ඔහු 1947 වසරේ සිට කුලින් හි ලැව් ගිනි බලකාය සඳහා ස්වෙච්ඡාවෙන් සේවය කළ අතර නගරය මෙන්ම එහි ගොවිපළවල් ව්‍යසනවලින් ආරක්ෂා කිරීමට ද සහය වුණා.

103 හැවිරිදි හැරල්ඩ් ප්‍රවුඩ් සිය ජීවිත කාලය පුරාම කුලින් නගරයේ ජීවත් වී ඇති අතර ඉන් අඩක් ඔහු ප්‍රාදේශීය ගිනි නිවන හමුදාවේ සාමාජිකයෙකු ලෙසයි ජීවත්ව ඇත්තේ.

එමෙන්ම ක්‍රියාශීලීව සිටීම, ස්වෙච්ඡාවෙන් සේවය කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාගැනීම තමන්ගේ දිගු ආයුෂ කාලයට හේතුව බව හැරල්ඩ් ප්‍රවුඩ් කියාසිටියා.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »