
ඉන්දියාවේ නව දිල්ලි දුම්රිය ස්ථානයේ ඇති වූ තෙරපීමක් හේතුවෙන් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දුම්රිය දෙකක් ප්‍රමාදවීම සහ මහා කුම්බ බලා ධාවනය වූ විශේෂ සීඝ්‍රගාමී දුම්රිය හේතුවෙනුයි මගීන් අතර මෙම තෙරපීම සිදුව ඇත්තේ.
සිද්ධියෙන් කාන්තාවන් 11 දෙනෙකු සහ ළමුන් සිව් දෙනෙකු මියගොස් ඇති බවටයි එරට මාධ්‍ය පවසන්නේ.

තුවාල ලැබූ විශාල පිරිසක් රෝහල් ගත කර ඇති බවද සඳහන්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ඉන්දියාවේ ප්‍රවාහන අමාත්‍යවරයා නියෝග කර තිබෙනවා.

විමර්ශනයට ද්වි පුද්ගල ඉහළ පෙළේ කමිටුවක් පත්කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ.
සෑම වසර 12 කට වරක් පමණක් පැවැත්වෙන මහා කුම්භ උත්සවය සඳහා විශේෂ දුම්රියක් යොදවන අතර මෙවැනි සිදුවීම් රැසක් පසුගියදා වාර්තා වූ බව ප්‍රවාහන අමාත්‍යවරයා සඳහන් කළා.