
කුඩා මගී මෝටර් රථ බොහෝවිට අඩු ඉන්ධන පරිභෝජනයක් සිදුකරන බව ඔස්ට්‍රේලියානු මෝටර් රථ සංගමය පවසනවා.
හැච්බැක් සහ සෙඩාන් වැනි මෝටර් රථ, SUV සහ utes (යුටෙස්) මෝටර් රථ වලට සාපේක්ෂව අඩු ඉන්ධන පරිභෝජනයක් සිදුකරන බවයි සංගමය පෙන්වාදෙන්නේ.
ඔවුන් සඳහන්කළේ විවිධ වෙළඳ නාමයන් ඇති මෝටර් රථ සමාගම් සිය ප්‍රචාරණයේදී ලබාදෙන ඉන්ධන පරිභෝජනයට වඩා සැබෑ ඉන්ධන පරිභෝජනය සැමවිටම අඩු අගයක් ගන්නා බවයි.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ සංගමය (AAA) ලොව ඉන්ධන කාර්යක්ෂමතා පරීක්ෂණ පිළිබඳ වැඩසටහන් මෙහෙය වනු ලබනවා.
ඔවුන්ට ඒ වෙනුවෙන් ඔස්ට්‍රේලියානු රජය විසින් අරමුදල් ද සපයනු ලබන බවයි වාර්තා වන්නේ.
2023 වසරේදී ආරම්භ වූ මෙම සංගමය 2027 වසර දක්වා කටයුතු කරන අතර එම කාලය තුළ ජනප්‍රිය වාහන 200 ක් ඇගයීමට ලක් කිරීමටයි ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ.

මේ වන විට AAA විසින් අත්හදා බලා ඇති වාහන ප්‍රමාණය 86 ක්.