
ඉදිරියේදීත් අකුරට වැඩ කිරීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කරන බවට සිඩ්නි ප්‍රවාහන සංගම් අනතුරු අඟවනවා.
සිඩ්නිහි, දුම්රිය, ට්රෑම් රථ සහ බස් සංගම් පසුගිය සිකුරාදා සිදුකළ කාර්මික වැඩ වර්ජනයෙන් මගීන් දැඩි අපහසුතාවට ලක්වුණා.
දුම්රිය ධාවනය සියයට 90 කින් පමණ අවලංගු වූ අතර දුම්රිය සේවකයන් 570 කට වැඩි පිරිසක් සේවයට නොපැමිණීමද ඊට ප්‍රධාන හේතුවයි.

හෙට පැවැත්වීමට නියමිත වැටුප් ගිවිසුම සම්බන්ධ සාකච්ඡා අසාර්ථක වුවහොත් සිකුරාදාට සමාන තත්වයක් ඇති විය හැකි බවයි දුම්රිය සංගමය කියාසිටියේ.
එමෙන්ම කාර්මික ක්‍රියාමාර්ගයට සහභාගි වන සේවකයන්ගේ මුළු දවසේ වැටුප් අහිමි කරන බවට NSW ප්‍රාන්ත රජය නිවේදනය කර තිබෙනවා.

NSW රේල්, ට්‍රෑම්ප් රථ සහ බස් සංගම් චෝදනා කරන්නේ එම නිවේදනය අවලංගු කරන ලෙසයි.