Search

Graffty වල යෙදුනු 6 දෙනෙකු සිඩ්නි හිදී අත්අඩංගුවේ

සිඩ්නි නුවර ඉන්නර් වෙස්ට් ප්‍රදේශයේ දී පුද්ගලයන් 6 දෙනෙකු පොදු දේපළ විනාශ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කණ්ඩායම ශාන්ත පීටර්ස් දුම්රිය ස්ථානයේ ස්ප්‍රේ යොදාගනිමින් ග්රැෆිටි කරමින් සිටියදී පොලිසිය දැක ඔවුන් හඹාගොස් ඇති බවයි මෙරට මාධ්‍ය පවසන්නේ.

පසුව මෙම පිරිස සිඩ්නි පාර්ක් මාර්ගයේ දී පොලිස් ගුවන් යානා, පොල්එයාර් මෙන්ම පොලිස් සුනඛ ඒකකයේ ද සහය ඇතිව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන්, අවුරුදු 21 ත් 36 අතර වයස්වල පසුවන පුද්ගලයින් හය දෙනෙකු බවයි පොලීසිය පැවසුවේ.

පොදු දේපළ විනාශ කිරීම හා හානි කිරීම ඇතුළු තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා ගොනුකර තිබෙනවා.

එම පිරිස අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

විදෙස් ශ්‍රමිකයින්ටත් විශ්‍රාම වැටුපක්

විදෙස් ශ්‍රමිකයින්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමවේදය දැනටමත් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා රජය පවසනවා. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඊයේ පාර්ලිමේන්තුවේදී කියාසිටියේ විදේශ විශ්‍රාම වැටුප් ක්‍රමය තවදුරටත් ශක්තිමත්

Read More »

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »