
ප්‍රතිචක්‍රීකරණ යෝජනා ක්‍රමයක් හේතුවෙන් මෙල්බන් හී මහල් නිවාස සංකීර්ණයක ජනතාව දැඩි සේ පීඩාවට පත්ව තිබෙනවා.
කන්ටේනරයක් තුළ සිදුවන මෙම ක්‍රියාවලියෙන් ඇසෙන ඝෝෂාකාරී හඬ මාස ගණනක් තිස්සේ තමන්ට බාධා කළ බවයි මෙල්බන් වැසියන් චෝදනා කරන්නේ.
මෙම යන්ත්‍රය මීට මාස හතකට පමණ පෙර ශාන්ත කිල්ඩා හි බාර්ක්ල් වීදියට ආසන්න මහල් නිවාස අසල කිසිම දැනුම්දීමකින් තොරව ස්ථාපිත කර තිබෙනවා.

මෙම ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය ඉතා වැදගත් දෙයක් වුවත් එය ස්ථාපිත කර ඇත්තේ වැරදි ස්ථානයක බවයි මහල් නිවාස වැසියන් කියාසිටියේ.
මෙල්බනයේ මෙම ප්‍රදේශය ඉතා කාර්යබහුල බවත් ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රයෙන් නැගෙන ශබ්දය හේතුවෙන් මාස ගණනක සිට නින්දක් නොමැති බවත් ඔවුන් ප්‍රකාශ කළා.

මේ අතර පෝර්ට් පිලිප් කවුන්සිලයේ ප්‍රකාශකයෙකු කියාසිටියේ මෙම ඒකකය පිහිටුවා ඇති ස්ථානය පිළිබඳව සංවිධානයට කිසිදු පාලනයක් නොමැති නමුත්, විකල්ප ස්ථාන සොයා ගැනීම සඳහා රිටර්න් ඉට් ප්‍රතිචක්‍රීකරණ ආයතනය සමඟ දිගටම කටයුතු කරන බවයි.