Search

ඔස්ට්‍රේලියාවේ තනිකඩයන් සිටින නගර ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ තනිකඩයන් සිටින නගර පිළිබඳ නවතම අනාවරණයක් සිදුකර තිබෙනවා.

ඒ ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛන කාර්යංශය මගින්.

ඒ අනුව වැඩිම තනිකඩයන් සිටින නගරය ලෙස හඳුන්වා ඇත්තේ වික්ටෝරියා හි කාර්ල්ටන් (carlton) නගරයයි.

එහි සියයට 67 ක තනිකඩයන් පිරිසක් වාසය කරන බවයි එම ලේඛන වල දැක්වෙන්නේ.

බටහිර ඔස්ට්‍රේලියාවේ තදාසන්න ප්‍රදේශයක් වන බෙන්ට්ලි හි (Suberb Bentley) සියයට 64 ක් ද නිව් සවුත් වේල්ස් හි හේමර්කට් (Haymarket) නගරයෙන් සියයට 61 ක තනිකඩයන් ප්‍රමාණයක් ද වාර්තා වනවා.

ඇඩිලේඩ් හි ඩාවොරන් පාක් (Davoren park) සහ ක්වින්ස්ලන්ඩ් හි ෆෝටිටුඩ් වැලි හි (Fortitude valley) තනිකඩයන් ඇත්තේ සියයට 60 බැගිනුයි.

කැන්බෙරාහි බ්රැඩ්ඩන් (Braddon) සහ උතුරු ඔස්ට්‍රේලියාවේ ඩාවින් නගර (Darwin city) පිළිවෙළින් සියයට 55 ත් සියයට 49 බැගින් තනිකඩයන් වාසය කරන බවයි ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛන කාර්යංශය පෙන්වාදෙන්නේ.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »

කැනඩාවේ අධිකරණ ඇමති ධූරයට ලාංකික සම්භවයක් සහිත අයෙක්

කැනඩාවේ අභිනව අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිගේ පාලනය යටතේ පත්කළ නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධුරයක් සඳහා ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත ගැරී ආනන්දසංගරී තේරිපත් ව තිබෙනවා.

Read More »