
ඔස්ට්‍රේලියාවේ ළමා පිළිකා රෝගයෙන් සුවය ලැබූවන්ගේ අනුපාතය ඉහළ ගොස් ඇතැයි කැන්සර් කවුන්සිලයේ වාර්තාවල දැක්වෙනවා.
කෙසේවෙතත් එම අනුපාතය පිළිකා වර්ගය අනුව වෙනස් වන බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.
ඒ අනුව 2024 වසරේ දී ඔස්ට්‍රේලියාවේ පිළිකා රෝගයෙන් පෙළෙන ළමුන්ගේ සංඛ්‍යාව 760 ක්.

එය ළමුන් ලක්ෂයකට රෝගීන් සියයට 15.6 ක් බවයි වාර්තා වන්නේ.
2024 වසරේදී ළමුන්ගේ පිළිකා මරණයට ප්‍රධාන හේතුව බවට පත්ව ඇත්තේ මොළයේ පිළිකාව සහ ලියුකේමියා රෝගයයි.

මොළයේ පිළිකා රෝගයෙන් ළමුන් 34 ක් ද ලියුකේමියා රෝගයෙන් ළමුන් 25 දෙනෙකුද පසුගිය වසරේදී මරණයට පත්වුණා.
G20 හි රටවල් අතර ළමා පිළිකා ඇතිවීමේ වැඩිම අනුපාතය අනුව ඔස්ට්‍රේලියාව ඇත්තේ 6 වන ස්ථානයටයි.