Search

වික්ටෝරියාවට විදුලිය අඛන්ඩව

වික්ටෝරිවේ තිරසාර බලශක්ති ගබඩා විසඳුමකට රජය සහ විදුලිබල කොමිෂන් සභාව, ගිවිසුමකට අත්සන් කර තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ හෝර්ෂාම් හි SEC පුනර්ජනනීය බලශක්ති උද්‍යානයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් ස්ථාපිත කිරීමටයි එකඟ වී ඇත්තේ.

මෙම හයිබ්‍රිඩ් සූර්ය බලශක්තිය මෙගාවොට් 119 ක ධාරිතාවකින් යුත් සුර්ය පැනල 212,000 කට අධික සංඛ්‍යාවකින් සමන්විත වනවා.

එමගින් සෑම වසරකම මෙගාවොට් 242,000 ක සූර්ය බලශක්ති නිෂ්පාදනයක් ලබාගැනීමට හැකිවනු ඇති බවයි විදුලි බල කොමිෂන් සභාව පවසන්නේ.

මෙම ගබඩාව මගින් උපරිම විදුලි ඉල්ලුමකට වුවත් විදුලිය අඛණ්ඩව සැපයිය හැකි බවයි වික්ටෝරියා රජය කියාසිටියේ.

SEC හි ආයෝජනය මගින් පවුල් 51,000 කට පමණ පුනර්ජනනීය බලශක්තිය සැපයීමට ඇස්තමේන්තු කර ඇති අතර එමගින් රැකියා අවස්ථා 246 ක් හිමි වනු ඇති.

මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර 2027 වසරේ අග භාගය වන විට ව්‍යාපෘතිය නිම කළ හැකි බවයි වික්ටෝරියා රජය ප්‍රකාශ කලේ

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »