
සැමන් ගොවිතැන් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අදාල පාරිසරික නීති හඳුන්වා දීමට ෆෙඩරල් රජය සහතික වී තිබෙනවා.
ටස්මේනියාවේ බටහිර වෙරළට ආසන්නයේයි මෙම සැමන් ගොවිතැන් කටයුතු මේ වනවිට පවත්වාගෙන යනු ලබන්නේ.
කර්මාන්තය වෙත ලිපියක් යොමුකරමින් අග්‍රාමාත්‍ය ඇන්ටනී ඇල්බනීස් පවසා ඇත්තේ සැමන් ගොවිපලවල කිසිදු රැකියාවක් අහිමි නොවන බවට සහතික වන බවයි.

ෆෙඩරල් පරිසර ආරක්ෂණ හා ජෛව විවිධත්ව සංරක්ෂණ පනත යටතේ සැමන් කර්මාන්තයට අවශ්‍ය අනුමැතිය ඇත්ද යන්න පිළිබඳ පසුගියදා සොයාබැලුනා.
සංරක්ෂණ කණ්ඩායම් තුනක් මේ සම්බන්ධව නැවත තක්සේරුවක් කරන ලෙසයි ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටියේ.

මවුජෑන් වරායේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සැමන් මත්ස්‍යයින්ට පාරිසරික තර්ජන තිබියදීත් ගොවිපලවල් විසුරුවා හරින ලෙසයි ඔවුන්ගේ ඉල්ලීම වන්නේ.
පාරිසරික ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂක වරයා පෙන්වාදෙන්නේ වරායේ පවතින නයිට්‍රජන් සීමාව යටතේ සැමන් තොග අනුපාතය පවත්වා ගෙන යන ලෙස සැමන් ගොවීන්ගෙන් ඉල්ලා සිටින බවයි.