
TAFE පාඨමාලා යෝජනාව සම්බන්ධයෙන් සෙනට් මණ්ඩලයේ විරෝධය පළ වී තිබෙනවා.
කෙසේවෙතත් මෙම පාඨමාලාව සම්බන්ධ පනත් කෙටුම්පත පසුගිය සතියේ සම්මත වූ අතර පසුගියදා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් TAFE හි නීති වෙනස් කිරීමට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
ඔස්ට්‍රේලියාවේ ක්ෂේත්‍ර රාශියක පවතින නිපුණතා හිඟයට පිළියමක් ලෙසයි TAFE පාඨමාලාවේ නීති සංශෝධනයට පියවර ගැණුනේ.

ෆෙඩරල් රජය 2027 වසරේ සිට සෑම වසරකම නොමිලේ පාඨමාලා ස්ථාන 100,000 කට වඩා ස්ථාපිත කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
ආබාධිත භාවය, වයස්ගත රැකවරණය, තාක්ෂණය, ඉදිකිරීම් සහ මුල් ළමාවිය අධ්‍යාපනය හා රැකවරණය ඇතුළු පාඨමාලා රැසක් මෙහි අන්තර්ගත වනවා.

ලක්ෂ 5 කට අධික සංඛ්‍යාවක් මෙම පාඨමාලාවන් මගින් මේ වනවිටත් වෘත්තීය මට්ටමෙන් දියුණු වී සිටින බවයි එහි සංවිධායකයින් පවසන්නේ.