
සහනාධාර කපා හැරීම් සහ අවලංගු කිරීම් හේතුවෙන් පුද්ගලයන් 10 දෙනෙකු මියයන බව ඔස්ට්‍රේලියානු සමාජ සේවා කවුන්සිලය පවසනවා.
මෙම විනාශකාරී සිදුවීම් සඳහා ෆෙඩරල් රජය වහා පියවර ගත යුතු බවයි ACOSS ප්‍රධාන විධායක නිලධාරී කැසැන්ඩ්රා ගෝල්ඩි චෝදනා කරන්නේ.
2022 වසරේ අප්‍රේල් මස සිට 2024 ජූලි දක්වා කාලය තුළ ආදායම් ආධාරක ගෙවීම් 1000 ක් පමණ නීති විරෝධී ලෙස අවලංගු කර ඇති බවයි කවුන්සිලය පෙන්වාදෙන්නේ.

2020 වසරේ දී රැකියා හා සේවා ස්ථාන සබඳතා දෙපාර්තමේන්තුව විසින් වැරදි ලෙස ජනතාවගේ ආදායම් සහන කපා හැර තිබුණා.
එය පරිගනක පද්ධතියේ දෝෂයක් බව පැවසුවද වසර 3 කට වැඩි කාලයක සිට එය යථාතත්වයට පත්කිරීමට රජයට තවමත් නොහැකි වී ඇති බවයි ACOSS ප්‍රකාශ කළේ.

මෙම චෝදනාවලින් පසුව පොදු රාජ්‍ය මණ්ඩලය මෙම බරපතල ගැටළුව පිළිබඳ දැඩි අවධානය යොමුකර තිබෙනවා.